SUCCESS MIND ONLINE ACADEMY යනු දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනයේ අනිවාර්ය සාර්ථකත්වයට අති නවීන අධිතාක්ෂණික ඩිජිටල් ඉගනුම් ක්‍රමවේද භාවිතා කරන ආසියාවේ ප්‍රථම සහ එකම අන්තර්ජාල අධ්‍යාපන ආයතනයයි. පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ මනසට බරක් නොවන පරිදි, සතුටින් සහ පහසුවෙන් සෑම විෂයයක්ම අවබෝධ කර දීම අපගේ මූලික අරමුණයි. අපි විශ්වාස කරන්නේ සෑම දරුවෙකුටම ඉගෙනීමට උපන් හැකියාවක් ඇති බවත්, එය නිසි ලෙස මෙහෙයවීම ගුරුවරයෙකුගේ වගකීම බවත්ය. විභාග සමත්වීම පමණක් නොව, ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා වූ යතුර දැනුම බව අපගේ දැක්ම වේ. එබැවින්, දරුවන්ට උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබා දෙමින්, ඔවුන්ගේ දැනුම, කුසලතා සහ හැකියාවන් සාර්ථකව සංවර්ධනය කර, අනාගතයේදී රටට වැඩදායී පුරවැසියන් බවට පත් කිරීම අපගේ දැක්මයි. සෑම දරුවෙකුටම සමාන සහ සාධාරණ අධ්‍යාපන අවස්ථා ලබා දීම අපගේ තෘප්තියයි. ගණිත රහස් වැඩමුළුව මගින් බොහෝ දරුවන් අමාරු යැයි සිතා අත්හරින ගණිතය, පහසුම සහ ප්‍රියජනකම විෂය බවට පත් කිරීම අපගේ විශේෂත්වයකි. අපි දරුවන්ට ගණිත ගැටලු විසඳන රහස් ක්‍රමවේද හඳුන්වා දෙමින්, විෂය කෙරෙහි ඔවුන්ගේ ආශාව වැඩි කර, හොඳම ප්‍රතිඵල ලබා ගැනීමට මඟ පෙන්වමු. අපගේ වෙබ් සයිට් එක තුළින්, පාසලේ විෂය නිර්දේශයට අදාළ සෑම විෂයක් සඳහාම විශේෂඥ ආචාර්ය මණ්ඩලයක් ලබා දී ඇත. දරුවෙකුට නොතේරෙන ඕනෑම විෂය කරුණක්, ඒ සඳහා සිටින විශේෂඥ ආචාර්ය වරයා සමඟ සුහදව කතා කර අවබෝධ කරගැනීමට අවස්ථාව සලසා ඇත. ආරක්ෂිත සහ සතුටුදායක ඉගෙනුම් පරිසරය වන නිවසේ සිටම සෑම විෂයකටම අදාළව අමතර අධ්‍යාපනය ලබා දීම අප ආයතනය මගින් විශිෂ්ට අන්දමින් සිදු කරනු ලබයි. දෙමාපියන්ගේ අධීක්ෂණය යටතේ, සතුටුදායක මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබා ගැනීමට මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතියද ඕනෑම මොහොතක අධීක්ෂණය කළ හැකිය. SUCCESS MIND ONLINE ACADEMY යනු හුදෙක්ම අධ්‍යාපන වෙබ් අඩවියක් පමණක් නොව, ඔබේ දරුවාගේ අනාගත සිහිනවලට පණ දෙන විශ්වාසනීය අධ්‍යාපන ආයතනයකි